‍පළාත් පාලන ආයතනවල සේවකයන් ක්‍රමානුකූලව ස්ථීර කිරීමට පියවර ගන්නා බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ ණය වාරිකය හෝ භාවිත කර, අලුත් අවුරුද්දට පෙර රාජ්‍ය සේවක වැටුප් ලබා දෙන බව, අග්‍රාමාත්‍යවරයා අද පාර් ලිමේන්තුවේදී  කියා සිටියා.

රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව පත්වාගෙන යාමට සිදු කළ යුතු අත්‍යවශ්‍ය බඳවා ගැනීම් සම්බන්ධයෙන් ප්‍රමුඛතා හඳුනාගෙන, ඒ සඳහා කාලරාමු නිර්දේශ කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් නිලධාරී කමිටුවක් පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු අධ්‍යක්ෂ ජනරාල් කෙනෙච් යොකොයාමා මහතා හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් ඊයේ (12) දින කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.

මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව සමග අඛණ්ඩව කටයුතු කරන බව, යුනිසෙෆ් සංවිධානය පවසනවා.

මෙරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා අද අග්‍රාමාත්‍ය කාර්යාලයේදී දිවුරුම් දුන්නා.

උසස් පෙළ සමත් අමතර සිසුන් දසදහසක් සදහා මෙම වසරේදි විශ්ව විද්‍යාල ප්‍රවේශ අවස්ථා හිමිවන බව අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

රාජ්‍ය සේවයේ ස්ථීර කරන 52,000ක් වන උපාධිධාරීන්ගෙන් වැඩි ම පිරිසක් වන 24,000ක් පමණ අධ්‍යාපන ක්ෂේත්‍රයට අනුබද්ධ වන බව, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මානව හිමිකම් කවුන්සිලය පදනම් විරහිතව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයට ඇඟිලි ගැසීමට දරන උත්සාහය ප්‍රතික්ෂේප කරන බවත් දේශපාලන ස්ථාවර බවත් ,ආර්ථික ස්ථාවර බවත් පවත්වා ගනිමින් රටේ ජනතාවගේ මානව අයිතිවාසිකම්වල ප්‍රගතිය ආරක්ෂා කිරීම සඳහා කැපවීමෙන් යුතුව රජය කටයුතු කරන බවද විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව, ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජනරාල් (විශ්‍රාමික) මුහම්මඩ් සාඩ් ඛට්ටාක් මහතා ඊයේ (16) විදේශ අමාත්‍යාංශයේ දී හමුවිය.

Latest News