පාකිස්ථානයෙන් ප්රදානය කරන ලද ජංගම පුස්තකාල ස්ථාපිත කිරීම සහ ශ්‍රී ලාංකික සිසු සිසුවියන් සඳහා අතිරේක වෛද්‍ය විද්‍යා ශිෂ්‍යත්ව සියයක් ලබා දීම ඇතුළුව, අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමාගේ සංචාරය අතරතුර දී ප්‍රකාශයට පත් කරන ලද ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා දෙපාර්ශ්වයම එකඟ විය.
පාකිස්ථානයේ බෞද්ධ සිද්ධස්ථාන ශ්‍රී ලාංකිකයන් සඳහා විවෘත කිරීම සාදරයෙන් පිළිගනිමින් අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා සඳහන් කළේ, ගුවන් සේවා අංශය ශ්‍රී ලංකා සංචාරක අංශය හා එක්ව නොබෝ දිනකින් පාකිස්ථාන - ශ්‍රී ලංකා ගුවන් ගමන් පැකේජ පිළිබඳව නිවේදනය කරනු ඇති බවයි. හොඳින් සංරක්ෂණය කොට ඇති බෞද්ධ උරුම ස්ථාන නැරඹීම සඳහා පාකිස්ථානයේ හුරුපුරුදු වීමේ සංචාරවල නියැලීමට පැමිණෙන ලෙස පාකිස්ථාන මහ කොමසාරිස්වරයා බෞද්ධ භික්ෂූන් වහන්සේලාට, මාධ්‍යවේදීන්ට සහ විද්වතුන්ට ආරාධනා කළේය.
මාර්තු 23 වැනි දින කොළඹ දී පවත්වනු ලබන පාකිස්ථාන ජාතික දින සැමරුමට සහභාගී වන ලෙස ද මහ කොමසාරිස් ඛට්ටාක් මැතිතුමා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට ආරාධනා කළේය.