රාජ්‍ය සේවය කාර්යක්ෂමව හා ඵලදායීව පත්වාගෙන යාමට කමිටුවක්

සැප් 13, 2022

    රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව පත්වාගෙන යාමට සිදු කළ යුතු අත්‍යවශ්‍ය බඳවා ගැනීම් සම්බන්ධයෙන් ප්‍රමුඛතා හඳුනාගෙන, ඒ සඳහා කාලරාමු නිර්දේශ කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් නිලධාරී කමිටුවක් පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

    ඒ වර්තමානයේ රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීම් තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇති පසුබිමක් යටතේ.

    එම තීරණය හේතුවෙන් සේවා ව්‍යවස්ථා සහ බඳවා ගැනීම් පටිපාටි විධිවිධාන පරිදි අනුමත තනතුරු සඳහා වන පුරප්පාඩු පිරවීමේ ක්‍රියාවලිය නතර කිරීමට සිදුව තිබෙනවා. පැවති රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණ යටතේ වරින් වර උපාධිධාරීන් හා වෙනත් සේවක කණ්ඩායම් ‍සෘජුව රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනුණා. මේ හේතුවෙන් සමස්තයක් ලෙස රාජ්‍ය සේවක අතිරික්තයක් පැවතියත්, ඇතැම් සේවක ඝනයන්හි තනතුරුවල පුරප්පාඩු පවතින බව, වාර්තා වී තිබෙනවා. එසේම, බඳවා ගැනීමේදී විවිධ ක්‍රම අනුගමනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය සේවයේ පැනනැගී ඇති ගැටලු සම්බන්ධයෙන් යෝග්‍ය පියවර ගත යුතුව ඇතැයිද, අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කළා. එම කරුණු සමාලෝචනය කරමින් රාජ්‍ය සේවය ඵලදායී පවත්වාගෙන යාම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම අදාළ කමිටුවට පැවරෙනු ඇති. යෝජනාව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද්දක්.

    Latest News