උසස් පෙළ සමත් අමතර සිසුන් 10000කට මෙම වසරේදි විශ්වවිද්‍යාල වරම්

මාර් 31, 2022

    උසස් පෙළ සමත් අමතර සිසුන් දසදහසක් සදහා මෙම වසරේදි විශ්ව විද්‍යාල ප්‍රවේශ අවස්ථා හිමිවන බව අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

    විශ්ව විද්‍යාල පද්ධතිය සදහා නව පීඨ කිහිපයක් මෙම වසරේදි විවෘත කිරිමත් සමග එම අවස්ථාව හිමි වන බව අමාත්‍යවරයා සදහන් කරයි. ඔහු මේ බව සදහන් කළේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපුජ්‍ය වරකාගොඩ ඥාණරතන ස්වාමින් වහන්සේ බැහැදැකිමෙන් අනතුරුව මහනුවරදි මාධ්‍ය වෙත ඊයේ අදහස් දක්වමිනි. ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය සදහා නව වෛද්‍ය පීඨයක් මෙම වසරේදි ස්ථාපිත කිරිමට තීරණය කර තිබෙ. වෛද්‍ය පීඨ සහ වෛද්‍ය ක්ෂේත්‍රයේ උපාධි සදහා නවකයන් සියදෙනෙකුට අමතර අවස්ථා ලබාදෙන බව අමාත්‍යවරයා පැවසිය. මාර්ගගත ක්‍රමයට පන්ති පැවැත්වීම වෙනුවට පවතින සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන පීඨයෙන් පීඨය විවෘත කිරිමට පියවර ගැනේ. ඉකුත් දිනවලදි විශ්ව විද්‍යාල කිහිපයක නේවාසිකාගාරවල ඇති වූ සෞඛ්‍ය ගැටලු හේතුවෙන් විශ්ව විද්‍යාල විවෘත කිරිම ප්‍රමාද වූ බව ද හෙතෙම කීවේය. සමාගම් පනත යටතේ සමාගම් වශයෙන් ස්ථාපිත කර ඇති පුද්ගලික ආයතනවලින් උපාධි ලබාදිම ක්‍රමානුකුල කිරිමට ද පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

    Latest News