ඩෙංගු මර්දන වැඩසටහන් මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මකයි. තවත් එක් වැඩසටහනක් ගොතටුව ප්‍රදේශයේදී අද පැවැත්වුණා.  

ඩෙංගු මර්ධන කටයුතු සඳහා අවශ්‍ය සියලු පහසුකම් මේවනවිට අදාළ අංශ වෙත ලබාදී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

මෙරට සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 34,801 ක් දක්වා ඉහළ ගොස් ඇති බව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

ඩෙංගු මර්*දනය සඳහා පොලිසිය, යුධ හමුදාව සහ සෞඛ්‍ය අංශ එක්ව අද විශේෂ මෙහෙයුමක් කෝට්ටේ නගරසභා බල ප්‍රදේශය තුල ක්‍රියාත්මක කෙරෙනවා.

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් වසංගත රෝග ව්‍යාප්තිය ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.

දිස්ත්‍රික්ක 15ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 55ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර තිබේ.

මේ වසරේ මුල් මාස 6 තුළ රටපුරා වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව විසිඅට දහසක්. ඉන් 58 දෙනෙකු මරණයට පත්වූ බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු මර්දනය සඳහා විශේෂ කාර්ය බලකායක් පිහිටුවා තිබේ.

පවතින කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තා වීමේ කාලීන ඉහළ යාමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි.

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි. 

Latest News