වැස්සත් එක්ක එන වසංගතය

මැයි 07, 2023

    පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් වසංගත රෝග ව්‍යාප්තිය ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.

    ළමුන් අතර පාචනය වැනි රෝගවල ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි, ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසන්නේ.

    වර්ෂාවත් සමග මැස්සන් වැනි සතුන්ගේ බෝවීම ඉහළ යා හැකි බව ද ඔහු පවසනවා.

    මේ අතර, ‍කොවිඩ් - 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් පුද්ගල මරණ 03ක් පෙරේදා (05) සිදුව ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කළා.

    Latest News