මාස 6ට ඩෙංගු මරණ 58ක්

ජූලි 17, 2019

    මේ වසරේ මුල් මාස 6 තුළ රටපුරා වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව විසිඅට දහසක්. ඉන් 58 දෙනෙකු මරණයට පත්වූ බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

    ඒ අනූව, 2018 වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් සිදුවී ඇති බවයි, සෞඛ්‍ය අංශ පවසන්නේ. කොළඹ,ගම්පහ,ගාල්ල,කළුතර,මාතර,හම්බන්තොට,කෑගල්ල,රත්නපුර හා මහනුවර දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි, වාර්තා වන්නේ.

    නිවාස, පාසල්,ආයතන හා වැඩබිම් පරිශ්‍ර පිරිසිදුව තබා ගනිමින් මදුරු නිදර්ශන ආලේපන භාවිත කරන ලෙස, ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

    Last modified on බදාදා, 17 ජූලි 2019 09:41

    Latest News