ඩෙංගු මර්දන වැඩසටහන් දිවයින පුරා

ජූලි 15, 2023

    ඩෙංගු මර්දන වැඩසටහන් මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මකයි. තවත් එක් වැඩසටහනක් ගොතටුව ප්‍රදේශයේදී අද පැවැත්වුණා.  

    ප්‍රදේශයේ නිවාස සහ අවට පරිසරය නිරීක්ෂණයට ඩ්‍රෝන කැමරාද යොදා ගැනුණා. ඒ, පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකා‍යේ අධීක්ෂණය යටතේ.  අනුග්‍රහය දක්වන ලද්දේ සිංහ සමාජයේ කොටිකාවත්ත Excellence සිංහ සමාජයයි. පොදුජන පෙරමුණේ කොළොන්නාව සංවිධායක අජිත් සුබසිංහ  මහතාගේ යෝජනාවක් අනුවයි වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා.

    රත්මලාන  ලංගම ඩිපෝවේද ඩෙංගු මර්දන වැඩසටහනක් ඊයේ පැවැත්වුණා. එම පරිශ්‍රය ආශ්‍රිගතව ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානමක් පවතින බවට සෞඛ්‍ය  අංශවලට වාර්තා වීම ඊට හේතුවයි. රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. ඩෙංගු අධි අවදානම් කලාපයේ පිහිටි  ලංගම ඩිපෝවල නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ කොළඹදී පැවැත්වුණා. ඩිපෝ ආශ්‍රිතව ඩෙංගු මදුරුවන් බෝවීමේ වැඩි ප්‍රවණතාවක්  පවතින බවට ලැබී ඇති තොරතුරු මතයි මෙම දැනුවත් කිරීම සිදු කෙරුණේ.

    Latest News