ඩෙංගු මඩින්න විශේෂ මෙහෙයුමක්

මැයි 13, 2023

    ඩෙංගු මර්*දනය සඳහා පොලිසිය, යුධ හමුදාව සහ සෞඛ්‍ය අංශ එක්ව අද විශේෂ මෙහෙයුමක් කෝට්ටේ නගරසභා බල ප්‍රදේශය තුල ක්‍රියාත්මක කෙරෙනවා.

    ඒ අනුව, මිරිහාන මූලස්ථාන පොලිසිය, යුද හමුදාව, පිටකෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල්‍ය, කෝට්ටේ නගර සභාව, කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙලෙස ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්තවීමත් සමග එය පාලනය කිරීමට නිවාස විශාල සංඛ්‍යාවක් එක්වර පරික්ෂා කිරීමට නියමිතයි. බස්නාහිර පලාත් ජ්‍යේෂ්ඨ‍ නියෝජ්‍ය පොලිස්පත් දේශබන්දු තේනනකෝන් මහතා ඇතුළු පොලිසියේ සහ යුධ හමුදාවේ නිලධාරීන් සහ සෞඛ්‍ය අංශ කාර්ය මණ්ඩලය මෙම වැඩසටහන සමග එක්ව සිටියා. වැඩසටහන ආරම්භවූයේ මිරිහාන පොලිස් ක්‍රීඩාංගණයෙන්.

    Latest News