ඔබේ ප්‍රදේශයත් අධි අවදානම්ද ?

අප්‍රේ 29, 2023

    දිස්ත්‍රික්ක 15ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 55ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර තිබේ.

    ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ කොළඹ , ගම්පහ , කළුතර , මහනුවර, මාතලේ, හම්බන්තොට, ගාල්ල, මාතර එම දිස්ත්‍රික්ක බවයි.

    යාපනය , මඩකලපුව , ත්‍රිකුණාමලය , පුත්තලම , කුරුණෑගල , කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් කොට්ඨාස ද ඩෙංගු අධි අවදානම් කලාපවලට ඇතුළත්.

    ඩෙංගු මදුරුවන් බෝ වන ලෙස පරිශ්‍ර පවත්වා ගෙන යන පුද්ගලයින්ට එරෙහිව නිතිමය පියවර ගැනීමසිදු කෙරෙනවා.

    වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු වැළදීමෙන් පුද්ගලයින් 15 ක් මිය ගොස් ඇති අතර වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 29,000 ඉක්මවයි.

    වැඩිම රෝගීන් පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එය 49% කි.

    Latest News