ඩෙංගු ‍35,000 සීමාවේ - බහුතරය බස්නාහිරින්

මැයි 18, 2023

    මෙරට සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 34,801 ක් දක්වා ඉහළ ගොස් ඇති බව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

    ඉන් වැඩි පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවයි, මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටින්නේ.  බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යා 17,201 ක්. ඉන් පසු වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ, නැගෙනහිර පළාතෙන්. එම සංඛ්‍යාව 4,303 ක්.

    දෙහිවල, පිළියන්දල, හෝමාගම, කඩුවෙල, මහරගම, මොරටුව, ගොතටුව, බත්තරමුල්ල, රත්මලාන, එගොඩඋයන, හංවැල්ල, කොළඹ මහ නගර සභා සීමාවේ ඩී 4 සහ ඩී 5 ප්‍රදේශ 02 මෙන්ම, කොලොන්නාව හා පිටකෝට්ටේ යන ප්‍රදේශ ද කොළඹ දිස්ත්‍රික්කයේ අධි අවදානම් කොට්ඨාස ලෙස හඳුනා ගෙන තිබෙනවා.

    ගම්පහ දිස්ත්ත්‍රික්කයේ අත්තනගල්ල, බියගම, දිවුලපිටිය, ගම්පහ, ජා ඇල, කටාන, කැලණිය, දොම්පේ, මහර හා මීගමුව - මහ නගර සභා සීමාව මෙන්ම, මිනුවන්ගොඩ, මීරිගම, රාගම, වත්තල යන සෞඛ්‍ය නිලධාරි කොට්ඨාස ද අධි අවදානම් වනවා.

    කළුතර දිස්ත්‍රික්කයේ අධි අවදානම් කොට්ඨාස වන්නේ, පානදුර, හොරණ, බේරුවල හා ඉංගිරිය යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයි.

    Latest News