තීරුබදු නොගෙවා රහසිගතව මෙරටට රැගෙන එනලද සිගරට් තොගයක් වත්තල - හැඳල ප්‍රදේශයේ වෙළඳසැලක සඟවා තිබියදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

ගාල්ල, දෙවැට ප්‍රදේශයේ සංචාරක හෝටලයක දී නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අලෙවි කිරීමට ගබඩා කර තිබිය දී රුපියල් ලක්ෂ තුනකට වැඩි සිගරට් 3,800ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කය සඳහා අද (16) දින ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමග මහියංගණය නගරයට පැමිණි පිරිසක් සිගරට් මිලදී ගැනීම සඳහා සිගරට් ඒජන්සියක් වෙත පැමිණි අවස්ථාවේ දී පොලීසිය හා එම පිරිස උණුසුම් තත්වයක් ඇතිව තිබේ.

රුපියල් හතළිස්පන් ලක්ෂයකට අධික දුම්වැටි තොගයක් සමග සිව්දෙනෙකු කටුනායක දී අත්අඩංගුවට පත්ව තිබේ.

තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (06) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු භාරයට ගැනිණ.

නීති විරෝධී ලෙස ගෙන්වූ විදෙස් දුම්වැටි සහ බියර් ටින් තොගයක් මහනුවර දී සොයාගෙන තිබේ.

නීති විරෝධී ලෙස දුම්වැටි තොගයක් මෙරටට රැගෙනආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙක් කටුනායක ගුවන්තොටුපොළේ දී රේගු අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව බත්තරමුල්ල ප්‍රදේශයේ සිදුකල වැටලිමකදී විදේශීය දුම්වැටි බණ්ඩල 13ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

දුම්වැටි විකිණීම තහනම් වයස් කාණ්ඩය වන අවුරුදු 21 අඩු අයකුට දුම්වැටි අලෙවි කළ කොල්ලුපිටිය වෙළෙදසැලක  කළමණාකාරවරයකුට රුපියල් 2000 දඩ මුදලක් ගෙවන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියම කළේය.

Latest News