45 ලක්ෂයකට අධික හොර දුම්වැටි තොගයක් සමග 4ක් අත්අඩංගුවට

පෙබ 14, 2020

    රුපියල් හතළිස්පන් ලක්ෂයකට අධික දුම්වැටි තොගයක් සමග සිව්දෙනෙකු කටුනායක දී අත්අඩංගුවට පත්ව තිබේ.

    මෙම නීති විරෝධී විදෙස් දුම්වැටි තොගය මෙරටට රැගෙන ආ සිව්දෙනා ගුවන්තොටුපල රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    එහිදී දුම්වැටි කාටුන් 454 ක දුම්වැටි 90,800ක් ගුවන්තොටුපොළ රේගු භාරයට ගත්බව අප වාර්තාකරු සඳහන් කළේය. අද අලුයම ඩුබයි හා අබුඩාබි සිට දිවයිනට පැමිණි මෙම සිවිදනොගේ ගමන් මලුවල තිබියේදි අදාල දුම්වැටි තොගය සොයාගෙන තිබේ.

    අදාල සැකකාර පුද්ගලයන් අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලක් හා මාතලේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු බවට වාර්තා වෙයි.

    Latest News