තීරුබදු නොගෙවූ විදෙස් දුම්වැටි තොගයක් අල්ලයි

ජන 13, 2022

    ගාල්ල, දෙවැට ප්‍රදේශයේ සංචාරක හෝටලයක දී නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වන ලද එම විදේශීය දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 10කට අධිකයි.

    සැකකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 පුද්ගලයෙක්.

    වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු ගාල්ල වරාය පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

    Latest News