අවුරුදු 21 අඩු අයෙක්ට දුම්වැටි වික්ක වෙළෙදසැල් කළමණාකරුට දඩ

ඔක් 04, 2019
    දුම්වැටි විකිණීම තහනම් වයස් කාණ්ඩය වන අවුරුදු 21 අඩු අයකුට දුම්වැටි අලෙවි කළ කොල්ලුපිටිය වෙළෙදසැලක  කළමණාකාරවරයකුට රුපියල් 2000 දඩ මුදලක් ගෙවන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියම කළේය.
    කොල්ලුපිටිය පොලිසිය විසින් සැකකාර කඩ හිමියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් වරයා මේ නියෝගය සිදු කළේය. මෙලෙස දඩ මුදලක් ගෙවන ලෙස නියම වූයේ කොල්ලුපිටිය පිහිටි ගැලැක්සි හෝටලයේ මොහොමඩ් හමීඩ් මොහොමඩ් යාසිදු නමැති කළමණාකරුට වේ.
    වසර 2006 දුම්කොළ පනත ප්‍රකාරව එහි වගන්ති උල්ලංඝනය කර ඇති බවට කඩ හිමියාට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.
    Last modified on සිකුරාදා, 04 ඔක්තෝබර් 2019 12:00

    Latest News