විදේශීය දුම්වැටි සමග දෙදෙනෙක්ට බත්තරමුල්ලේ දී මාංචු

නොවැ 27, 2019

    නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව බත්තරමුල්ල ප්‍රදේශයේ සිදුකල වැටලිමකදී විදේශීය දුම්වැටි බණ්ඩල 13ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

    අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා වයස අවුරුදු 33ක් සහ 43 ක් වන කොළඹ 10 සහ මහරගම ප්‍රදේශයන් වල පදිංචිකරුවන්. සැකකරුවන් හා නීති විරෝධී දුම්වැටි තොගය ඉදිරි විමර්ශණ කටයුතු සඳහා තලන්ගම, පොලිසිය වෙත භාරදෙන ලදි.

    තවද, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර, එමඟින් ජාවාරම්කරුවන් විශාල පිරිසක් නීතියේ රැහැනට හසුකර දීමට සමත්ව ඇත.

    Last modified on බදාදා, 27 නොවැම්බර් 2019 11:50

    Latest News