රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් මන්නාරම පොලීසිය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

කේරල ගංජා කිලෝ 01 ක් හා හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 කුත් මිලිග්‍රෑම් 200ක් සමඟ සැකකරුවෙකු බූන්දල දී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

අම්පාර,ලාහුගල,වනෝද්‍යානයේ පවත්වාගෙන ගිය අක්කර 15ක ගංජා හේනක් වැටලීමට පොලීසිය සමත්විය. නැගෙනහිර පළාතේ,මෙතෙක් සිදු කළ විශාලතම වැටලීම මෙය බවයි, අම්පාර පොලීසිය පැවසුවේ.

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් ගංජා හේනක් යුද හමුදාව සහ පොලිසිය එක්ව වටලයි.

තණමල්විල, නිකවැව ප්‍රදේශයේ දී සිදු කල වැටලීමකදී නීති විරෝධීව වගා කල ගංජා හේන් දෙකක් වටලා තිබේ.

ගුවන් හමුදාව හා ‍පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමකින් තණමල්විල,ගල්කොටුකන්ද ප්‍රදේශයේ ගංජා හේන් තුනක් සහ ගංජා පැල තවානක් සොයාගෙන තිබේ.

තීරුබදු රහිතව ගෙන්වු කහ තොගයක් හා ගංජා කිලෝග‍්‍රෑම් තුනයි ග‍්‍රෑම් 730 ක් සහ සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 ඇතිමලේ, කොටියාගල රක්ෂිතය ප්‍රදේශයේ දී සිදු කල වැටලීමකදී එම රක්ෂිතයේ වගා කර තිබු ගංජා හේනක් වටලා තිබේ.

මෝදර පොලිස් වසමේ කෝවිල අසල දී ජයවර්ධනපුර විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් ‍කරන ලද වැටලීමකින් කේරල ගංජා සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

යාල රක්ෂිතයේ කැබිලිත්ත දේවාලය ආසන්නයේ පිහිටි ඊරියගොල්ල රක්ෂියේ වගාකර තිබූ විශාල ගංජා හේනක් වැටලීමට ඇතිමලේ පොලිසිය සමත්ව තිබේ.

Latest News