පොලිසිය දින හතරක් සැඟව වැටලු මහ පරිමාණ ගංජ හේනක් සමඟ 02ක් මාට්ටු

ජන 03, 2020

    යාල රක්ෂිතයේ කැබිලිත්ත දේවාලය ආසන්නයේ පිහිටි ඊරියගොල්ල රක්ෂියේ වගාකර තිබූ විශාල ගංජා හේනක් වැටලීමට ඇතිමලේ පොලිසිය සමත්ව තිබේ.

    මෙම ගංජා හේන අක්කර දෙකක පමණ භූමියක වගාකර තිබී ඇති අතර එහි සරුවට වැව්ණු උස අඩිහය ඉක්මවූ ගංජා ගස් දහතුන් දහසකට වැඩි ප්‍රමාණයක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත. එහි වටිනාකම රුපියල් ලක්ෂ එක් කෝටි බනස් ලක්ෂයක් වන බව පොලිසිය පවසයි.

    ඇතිමලේ පොලිස් ස්ථානීය බුද්ධි තොරතුරක් අනුව වැටලීම සිදුකර ඇති අතර දින හතරක් පමණ කැලෑවේ සැගව සිටි පොලිස් නිලධාරීන් විසින් ගංජ හේන වගා කළ සැකකරුවන් දෙදෙනකු දඅත්අඩංගුවට ගෙන ඇත.

    ඇතිමලේ පොලිස් ස්ථානයේ සිට කිලෝමීටර් හතලිස් එකක් පමණ එපිට කැලෑබද ප්‍රදේශයක මෙම ගංජා හේන වගාකර තිබු අතර ඉතා දුෂ්කර මෙහෙයුමකින් පසු මහා පරිමාණ ගංජා හේන වැටලීම කර ඇත. සැකකරුවන් දෙදෙනකු මෙහිදී අත්අඩංගුවට පත්වී ඇති අතර ඔවුන් අවුරුදු තිහ සහ හතලිස් දෙක යන වයස්වල පසුවේ. තණමල්විල සහ මහරගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනකු බව පොලිසිය පැවසීය.

    සියලුම ගංජා පැල පොලිසිය විසින් ගිනි තබා විනාශ කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

    Latest News