කේරල ගංජා හා හෙරොයින් සමඟ සැකකරුවෙකු බූන්දල දී පොලිසියට කොටු

මාර් 17, 2021

    කේරල ගංජා කිලෝ 01 ක් හා හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 කුත් මිලිග්‍රෑම් 200ක් සමඟ සැකකරුවෙකු බූන්දල දී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

    තංගල්ල කොට්ටාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් බූන්දල වන ජීවී කාර්යාලය ආසන්නයේ දී ඊයේ (16) සවස 5.30 පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

    අදාල පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලෙන බවට ලැබුණු තොරතුරකට අනුව තංගල්ල ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් පරිදි මෙම වැටලීම සිදුකොට අදාල සැකකරු අත්අඩංගුවට ගත්බවයි පොලිසිය කියා සිටියේ.

    සැකකරු තිස්සමහාරාම කිරින්ද ප්‍රදේශයේ පදිංචි කිරින්ද ධීවර වාරයේ රැකියාවේ නියැලෙන වයස අවුරුදු 30ක පමණ අයෙකු වේ. සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සතුව තිබු කේරල ගංජා කිලෝ 01 ක්, හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 කුත් මිලිග්‍රෑම් 200ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් 9000ක මුදලක් හා ඔහු ගමන්ගත් යතුරු පැදියද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    සිද්දිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු හම්බන්තොට මුලස්ථාන පොලිසිය මගින් සිදුකරන අතර අද(17) වනදා සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය සදහා ඉදිරිපත්කිරීමට නියමිතයි.

    Latest News