කෝටියකට මිල කළ හැකි ගංජා හේනක් වටලයි

ජන 27, 2021

    රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් ගංජා හේනක් යුද හමුදාව සහ පොලිසිය එක්ව වටලයි.

    මොනරාගල කුඹුක්කන එකසිය විසි එක් වන බලසේනා මූලාස්ථානයට අයත් 18 වන ගැමුණු හේවා බලකායට ලද බුද්ධි තොරතුරක් මත දමන පොලිසිය සමග එක්ව දමන බක්මිටියාව කෝන්ගස්පිටිය ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකදී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් ගංජා හේනක් වටලා තිබේ.

    canabi_01.jpg

    කැලෑබද ප්‍රදේශයක ඉතා සූක්ෂම ලෙස වගා කර තිබූ මෙම ගංජා හෙනේ උස අඩි තුනකට ආසන්න උසකින් ඉතාමත්ම සරුවට වගා කර තිබූ ගංජා ගස් දසදහසකට වඩා තිබී ඇති අතර එවායේ වටිනාකම රුපියල් කෝටියකට අධික බව පොලිසිය සදහන් කළේය. වැටලීම සිදු කරන අවස්ථාවේ දී සැකකරුවන් පලාගොස් ඇති අතර සියලුම ගංජා ගස් ගිනි තබා විවිනාශ කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අද (27) අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බව දමන පොලිසිය සදහන් කරයි.

    canabi_02.jpg

    සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ක්‍රියාත්මක වේ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කුඹුක්කන එකසිය විසි එක් වන බලසේනා මූලාස්ථානයේ නිලධාරීන් සහ දමන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

    Latest News