කොටියාගල රක්ෂිතයේ ගංජා හේනක් වටලයි

සැප් 28, 2020

     ඇතිමලේ, කොටියාගල රක්ෂිතය ප්‍රදේශයේ දී සිදු කල වැටලීමකදී එම රක්ෂිතයේ වගා කර තිබු ගංජා හේනක් වටලා තිබේ.

    එම ගංජා හෙනේ උස අඩි පහකට ආසන්න උසකින් වගා කර තිබූ ගංජා ගස් 100කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනිණ.

    වැටලීම සිදු කරන අවස්ථාවේ දී එම ස්ථානයේ සිටි සැකකරුවන් පලාගොස් ඇති අතර එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ක්‍රියාත්මකයි. අත්අඩංගුවට ගත් ගංජා ගස් වැඩිදුර විමර්ශන සදහා ඇතිමලේ පොලිසිය වෙත භාර දී ඇති අතර මොනරාගල කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

    Last modified on සදුදා, 28 සැප්තැම්බර් 2020 09:48

    Latest News