නැගෙනහිර පළාතේ විශාලතම ගංජා හේන වටලයි

පෙබ 23, 2021

    අම්පාර,ලාහුගල,වනෝද්‍යානයේ පවත්වාගෙන ගිය අක්කර 15ක ගංජා හේනක් වැටලීමට පොලීසිය සමත්විය. නැගෙනහිර පළාතේ,මෙතෙක් සිදු කළ විශාලතම වැටලීම මෙය බවයි, අම්පාර පොලීසිය පැවසුවේ.

    අම්පාර පොලීසියට ලැබුණ තොරතුරක් මත අම්පාර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ලාහුගල වනෝද්‍යානයේ පසුගිය දා සිදුකළ මෙහෙයුමක දී මෙම ගංජා හේන වැටලීමට සමත්ව තිබේ.

    වනෝද්‍යානයේ ගස් විශාල ප්‍රමාණයක් විනාශ කර දමා අක්කර 15ක පමණ භූමි ප්‍රමාණයක මෙම ගංජා හේන පවත්වා ගෙන ගොස් තිබේ.

    වැටලීම සිදු කරන අවස්ථාවේ දී සැකකරුවන් පළා ගොස් ඇති අතර ඔවුන් විසින් දමා ගොස් තිබූ මෙරට නිෂ්පාදක ගිනි අවියක් ද පොලීසිය සොයා ගනු ලැබීය.

    සැකකරුවන් අක්කරෙයිපත්තුව,සමන්තුරේ,කල්මුණේ හා කොළඹ යන ප්‍රදේශවල මෙලෙස වගා කරන ලද ගංජා අලෙවි කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Latest News