ලක්ෂ 50ක වටිනාකමකින් යුත් ගංජා හේන් 2ක් වටලයි

ජන 17, 2021

    තණමල්විල, නිකවැව ප්‍රදේශයේ දී සිදු කල වැටලීමකදී නීති විරෝධීව වගා කල ගංජා හේන් දෙකක් වටලා තිබේ.

    එම ගංජා හේන් දෙක කැලෑබදව ඉතා සූක්ෂම ලෙස වගා කර තිබී ඇති අතර උස අඩි හතරත් පහත් අතර ගංජා ගස් හාරදහසකට වඩා මෙම ගංජා හේන් දෙකෙහි තිබී ඇත. එම ගංජා වල වටිනාකමක රුපියල් ලක්ෂ පනහ ඉක්මවන බව පොලිසිය පවසයි.

    වැටලීම සිදු කරන අතරවාරයේ දී සැකකරුවන් පලාගොස් තිබේ. එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ක්‍රියාත්මක වන අතර සියලුම ගංජා ගස් ගිනි තබා විනාශ කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන තණමල්විල මූලස්ථාන පොලිසිය විසින් සිදු කරයි.

    Latest News