පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තුමන්ත්‍රීවරු 3කගෙන් වන්දි ඉල්ලා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගෙන් ඉල්ලීමක් ඉදිරිපත් ව තිබේ.

ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා යැයි, චෝදනා ලැබ මාස 8කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. 

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ සාක්ෂි විභාගය ඊයේ ආරම්භ කෙරිණ.

අසාද් සාලි මහතා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ලබන 12 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

ත්‍රස්තවාදය  වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා මුදාහරින ලෙස ඔහුගේ නීතිඥවරු විසින් කරනු ලැබූ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බලන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරයෙකු ඉවත් වීම නිසා එම පෙත්සම සලකා බැලීම කල් තැබිණ.

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් පසුගිය මාර්තු මස කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට අදාළ විමර්ශන කටයුතු අවසන් කර ඇතැයි, නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත පසුවන බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයිි.

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන අනූව රැඳවුම් නියෝගමත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Latest News