අසාද් සාලි තවදුරටත් රිමාන්ඩ්

සැප් 28, 2021

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ලබන 12 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

    මෙම පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකාර අසාත් සාලි මහතා අධිකරණයට ඉදිරිපත් කර නොතිබිණ.

    ඉන් අනතුරුව සැකකාර සාලි මහතා ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා නියෝග කළේය.

    අසාද් සාලි මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. 

    ඉකුත් මාර්තු මස කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇති වන ආකාරයේ ප්‍රකාශ සිදු කළේ යැයි, සැකපිට අසාත් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබිණ.

    Latest News