කසළ තේ තොගයක් දවුලගල දී STF අත්අඩංගුවට

අගෝ 06, 2019

    කසළ තේ කොළ කිලෝ 7500ක් සමඟ සැකකරුවෙකු අද අලුයම 3.00ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ ගම්පොළ, දවුලගල ගඩොලාදෙණිය ප්‍රදේශයේ දී විශේෂ කාර්යබලකා නිලධාරීන් විසින්. සිලෝන් ටී නාමය යටතේ තේ මණ්ඩල ප්‍රමිති සහතික අඩංගු බෑග්වල අසුරා මෙම කසළ තේ තොගය ප්‍රවාහනය කර ඇත්තේ, කන්ටේනර් රථයකින්. බුද්ධි තොරතුරු මත මඟ රැකවල්ලා සිටි විශේෂ කාර්යබලකා නිලධාරීන් එම වැටලීම සිදුකළේය. මෙරට වැඩිම කසළ තේ සකස් කරන ස්ථාන ඇත්තේ, උඩුනුවර ප්‍රදේශයේ වන බව, වාර්තා වෙයි.

    ඔවුන් ජාත්‍යන්තර වෙළෙඳපොළට නිකුත් කරන එම කසළ තේ හේතුවෙන් මෙරට තේ කර්මාන්තය ජාත්‍යන්තරව විශාල පසුබෑමකට ලක්ව තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු, බුවැලිකඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු සමඟ අත්අඩංගුවට ගත් කසළ තේ කන්ටේනරය දවුලගල පොලීසිය වෙත බාර දී ඇති අතර, ගම්පොළ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 06 අගෝස්තු 2019 11:04

    Latest News