කච්චතිව් මුහුදෙන් බීඩි කොළ තොගයක් මතුවෙයි

අගෝ 01, 2019

    කච්චතිව් දූපත ආශ්‍රිතව සහ උතුරු මුහුදු ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීම් වලදි බිඩී කොළ කිලෝග්‍රෑම් 50 ක් සොයා නාවික හමුදා අත්අඩංගුවට ගැනිණ. මෙම බීඩිකොළ පාර්සල් දූපතේ දකුණු වෙරළ තීරණයට ගොඩ ගසා තිබේ.

    ‍එමෙන්ම, ඩෙල්ෆ් දුපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී පාවෙමින් තිබූ පාර්සලයක් නිරික්‍ෂණය කර ඇති අතර, එම පාර්සලය පරික්‍ෂා කිරීමේදී එහි තිබි බීඩි කොළ කිලෝග්‍රෑම් 20 ක් සොයා ගෙන තිබේ. නාවික හමුදා බාරයට ගත් බීඩිකොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතයි. නිරන්තර මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන් විසින් මෙම බීඩි කොළ අතහැර දමා ගොස් ඇති බව සැක පළ කෙරේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 01 අගෝස්තු 2019 09:28

    Latest News