තහනම් එළියෙන් මසුන් මැරූ 4කට මාංචු

අගෝ 07, 2019

    මුලතිව්, අලම්පිල් ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගෙන තිබේ.

    මොවුන් නීති විරෝධී ලෙස විදුලි පහන් ආලෝකය භාවිතා කර මසුන් ඇල්ලීම සිදුකර තිබේ. පුද්ගලයින් පුල්මුඩේ ප්‍රදේශයේ පදිංචිකරුවන්. එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 02 ක්, පිටත දහන යන්ත්‍ර 02 ක්, LED විදුලි බල්බ 04 ක් සහ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන ගැනිණ.

    අත්අඩංගුවට ගත් පුද්ගලයින් හා ධීවර ආම්පන්න මුලතිව්, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාරදිමට කටයුතු කෙරිණ.

    Last modified on බදාදා, 07 අගෝස්තු 2019 08:00

    Latest News