ගංජා පාර්සල් 10ක් කල්පිටියේ දී මාට්ටු

අගෝ 02, 2019

    කල්පිටිය, කුඩාව ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 20.120 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන තිබේ.

    වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් සහ පුත්තලම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් එක්ව වැටලීම සිදු කෙරිණ.සැක කටයුතු කැබ් රථයක් පරික්‍ෂාවට ලක් කිරීමේදී පාර්සල් 10 ක අසුරා තිබූ මෙම කේරළ ගංජා තොගය හමුවී ඇත.කැබ් රථයේ සිටි සැකකරුවන් වයස අවුරුදු 40 සහ 42 වන වියෙහි පසුවන පුත්තලම සහ කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ.

    සැකකරුවන් කැබ් රථය සහ කේරළ ගංජා තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා කල්පිටිය, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණ.

    Last modified on සිකුරාදා, 02 අගෝස්තු 2019 07:57

    Latest News