මන්නාරම් මුහුදෙන් බීඩි කොළ තොගයක් මතුවෙයි

අගෝ 12, 2019

    මන්නාරම, ඕලුතුඩුවායි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩි කොළ තොගයක් සොයා ගෙන තිබේ.

    මෙහිදී බීඩී කොළ සහිත පාර්සල් 09ක තිබූ බීඩි කොළ 461.7kg ක් හමුවී තිබේ. ඒවා ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතයි.

    ජාවාරම්කරුවන් විසින් මෙම බීඩී කොළ නීති විරෝධී අන්දමින් මෙරටට ගෙන ඒමට උත්සහ කලද නාවික හමුදාව විසින් සිදු කරනු ලබන අඛණ්ඩ මෙහෙයුම් හේතුවෙන් මෙම ජාවාරම් මැඩපැවැත්විමට හැකියාව ලැබී ඇත. ඒ අනුව මෙම වසර තුලදී පමණක් බීඩි කොළ කිලෝග්‍රෑම් 28000 කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගැනිමට කටයුතු කර තිබේ. මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

    Last modified on සදුදා, 12 අගෝස්තු 2019 16:17

    Latest News