වීසා නොමැතිව සිටි විදේශිකයින් 05ක් අල්ලයි

ජන 06, 2020

    ආගමන - විගමන නීති උල්ලංඝනය කරමින් වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැදී සිටි විදේශිකයින් 05දෙනෙක් ඉයේ(05) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර කාන්තාවන් දෙදෙනක් ද වන බව පොලිසිය පැවසීය.

    මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස සහ හික්කඩුව ප්‍රදේශවලදී ය. හික්කඩුව, මිල්ලගොඩවත්ත ප්‍රදේශයේ දී ස්විට්සර්ලන්ත ජාතික සැකකරුවෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    ගල්කිස්ස ප්‍රදේශයේ දී කටාර් හා නයිජීරියානු ජාතිකයින් දෙදෙනක් ද තායිලන්ත ජාතික කාන්තාවක් ද ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ව අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

    Latest News