වියට්නාම් රැකියා පෙන්වා මුදල් ගැරූ කත අත්අඩංගුවට

ජන 11, 2020

    වියට්නාම රටේ රැකියා ලබා දෙන පවසා රුපියල් 1,275,000ක මුදලක් වංචා කිරීමේ සිද්ධියකට අදාළව කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

    හොරොව්පතාන පොලීසියට කළ පැමිණිලි 8ක් පිළිබඳ සිදුවක විමර්ශනයකින් අනතුරුව ඇය අත්අඩංගුවට ගැනිණ. සැකකාරියගේ ස්වාමිපුරුෂයා ද මෙම සිද්ධියට සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබේ.

    ඔහු මේ වන විට විදේශගතව ඇති බවට කරුණු අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකාරිය අද (11) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. හොරොව්පතාන පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on සෙනසුරාදා, 11 ජනවාරි 2020 08:25

    Latest News