මත්ද්‍රව්‍ය රැගෙන සිරිපා වන්දනාවේ ගිය 5ක් අත්අඩංගුවට

ජන 05, 2020

    මත්ද්‍රව්‍ය රැගෙන සිරිපා වන්දනාවේ පැමිණි තරුණයන් පස් දෙනෙක් හැටන් පොලිස් කොට්ටාශ දූෂණ මර්දන ඒකකය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

    ගිනිගත්හේන දියගල ප්‍රදේශයේ සිදු කළ පරික්ෂාවකදී මෙම සැකකරුවන් සතුව කේරල ගංජා සහ ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි තිබි හමු වු බවයි වැටලිම සිදු කල නිලධාරින් කියා සිටියේ.වයස අවුරුදු 20 - 25 වයස්වල පසුවන සැකකරුවන් කොළඹ, අනුරාධපුර සහ මොරටුව ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි. සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    ශ්‍රී පාද වන්දනාවේ මත්ද්‍රව්‍ය රැගෙන එන වන්දනාකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා හැටන් පොලිස් කොට්ඨාශය තුල විශේෂ වැඩ පිළිවෙලක් දියත් කර තිබේ.

    Last modified on ඉරිදා, 05 ජනවාරි 2020 10:14

    Latest News