මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ ගිය තරුණයන් 20ක් පොලිස් අත්අඩංගුවට

ජන 10, 2020

    මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් 20 දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

    සති අන්ත දිර්ඝ නිවාඩුවට හැටන් මාර්ගය හරහා ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන පිරිස් මත්ද්‍රව්‍ය රැගෙන එම පරික්ෂාවට හැටන් පොලිස් කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් හැටන් ෂැනන් සහ ගිනිගත්හේන දියගල ප්‍රදේශයේ ඊයේ (09) පස්වරුවේ සිට රථ වාහන පරික්ෂා කෙරේ.

    කේරල ගංජා, මදන මෝදක ගුලි, නිති විරෝධි දුම්වැටි සහ මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි තරුණයන් පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරුවන් මිගමුව, කුරුණැගල, දඹුල්ල, කොළඹ, ගාල්ල සහ මාතර යන ප්‍රදේශවල පදිංචි කරුවන් වන අතර ඔවුන් අවුරුදු 20 ත් 30 අතර වයස් කාණ්ඩ වල පසුවන්නන් වේ. සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි

    මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුම් තවදුරටත් සිදු කරන බව හැටන් පොලිස් අධිකාරි චුලනි විරරත්න මහතා පවසයි.

    Latest News