කෙසෙල්ගමුව ඔයේ මැණික් ගැරූ 7කට මාංචු

දෙසැ 26, 2019

    කෙසෙල්ගමුව ඔයේ ඇල මාර්ගයක අනවසරයෙන් මැණික් ගැරූ 7 දෙනෙකු අද උදේ සැකපිට අත්අඩංගුවට ගැනිණ.

    ඒ හැටන් කොට්ඨාස බුද්ධි අංශය සහ දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින්. කෙසෙල්ගමුව ඔයට ජලය ගලා බසිනා, පොට්ර් ඇල පතලේ බලපත්‍ර රහිතව මේ පිරිස ඉල්ලම් ගොඩ ගනිමින් සිටියදීයි පොලිස් බාරයට ගැනුණේ. මෙහි තිබී උදැල්ලක් ඇතුළු උපකරණ කිහිපයක් ද නිලධාරීන් බාරයට ගැනිණ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් හංවැල්ල, බගවන්තලාව හා නෝර්වුඩ් ප්‍රදේශවල පදිංචිකරුවන්. සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    2 1

    2 3

    1 2 1

    1 4 1

    Last modified on බ්‍රහස්පතින්දා, 26 දෙසැම්බර් 2019 10:39

    Latest News