බෝගස්වැව දී සෙබළාට තුවාල කර ගිනිඅවිය පැහැරගත් සැකකරුවන් රිමාන්ඩ්

දෙසැ 27, 2019

    වව්නියාව, බෝගස්වැව හත්වන සිංහ රෙජිමේන්තු යුධ හමුදා කඳවුරේ සේවය කල හමුදා සෙබළෙකුට තුවාල සිදුකර ඔහුගේ ගිනි අවිය පැහැර ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    ඒ සැකකරුවන් ඊයේ (26) වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සිද්ධියට සම්බන්ධ යුධ හමුදා සෙබළෙක් සහ ඊට හවුල් වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර පැහැර ගත් ගිනි අවිය සහ ජීව උණ්ඩ සහිත මැගසිනයද පොලීසිය විසින් සොයා ගැනිණ.

    Last modified on සිකුරාදා, 27 දෙසැම්බර් 2019 08:08

    Latest News