කුවේට්හි සේවයට ගිය 33ක් යළි දිවයිනට

දෙසැ 27, 2019

    ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් 33 දෙනෙකු මෙරටට ආපසු එවීමට කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පහසුකම් සළසා තිබේ. එම තානාපති කාර්යාලය කුවේට් බලධාරීන් සමග සම්බන්ධීකරණය කිරීමෙන් අනතුරුවයි, මෙම පහසුකම් සළසා ඇත්තේ.

    මෙම සේවකයන් මෙරටට එවීමට අවශ්‍ය ගමන් ලියකියවිලි සම්පාදනය කිරීම හා අදාළ කුවේට් බලධාරීන්ගෙන් අනුමැතිය ලබාගැනීම තානාපති කාර්යාලය මගින් සිදුකර තිබේ. ඔවුන් ආපසු එවීමට අවශ්‍ය විධිමත් ක්‍රියා පටිපාටිය අවසන්වන තෙක් තානාපති කාර්යාලය මගින් පවත්වාගෙන යනු ලබන ආරක්ෂක නිවස්නයන්හි ඔවුන්ට නවාතැන් පහසුකම් සළසා තිබේ.

    ඔවුන්ගෙන් පිරිසක් තම කැමැත්ත මත වෙනත් ස්ථානවල ද නවාතැන් ගෙන ඇති බවයි, වාර්තා වන්නේ. ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් ලක්ෂයක් පමණ කුවේට්හි සේවය කරන අතර ඔවුන්ගෙන් බහුතරයක් ගෘහ සේවිකාවන් බවයි, සංඛ්‍යා ලේඛනවලට අනූව අනාවරණය වන්නේ.

     

     

    Last modified on සිකුරාදා, 27 දෙසැම්බර් 2019 10:22

    Latest News