ලෝකයේ විශාලතම නිවුන් එකමුතුව ශී‍්‍ර ලංකාවේ

දෙසැ 27, 2019

    ලෝකයේ විශාලතම නිවුන් එකමුතුව ලෙස 2020 ජනවාරි මාසයේ දී ලෝක ගිනස් වාර්තාවක් තැබීමට ශී‍්‍ර ලංකා නිවුන් සංවිධානය අපේක්‍ෂා කරයි. මෙය ශී‍්‍ර ලංකා ටුවින්ස් (Sri Lanka Twins) ලෙස නම් කර ඇත.

    සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගනයේ දී 2020 ජනවාරි මාසයේ පැවැත්වෙන ශී‍්‍ර ලංකා නිවුන් සම්මේලනයේ දී මෙම වාර්තාව පිහිටුවීමට නියමිතයි.

    ශී‍්‍ර ලංකා නිවුන් සංවිධානයේ නිර්මාතෘ සහ සභාපතිනිය වන උපුලී ගමගේ මහත්මිය විසින් ශී‍්‍ර ලංකා නිවුන් සම්මේලනයේ ආරාධනා පත‍්‍රය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා වෙත අරලියගහ මන්දිරයේ දී ඊයේ (26) පිළිගන්වනු ලැබීය.

    ශී‍්‍ර ලංකා නිවුන් සංවිධානය, ශී‍්‍ර ලංකාවේ දිස්ති‍්‍රක්ක 24 ම නියෝජනය වන පරිදි නිවුන් සහෝදර සහෝදරියන් 28,000 ක් පමණ සමාජිකත්වය ලබා සිටින සංවිධානයකි.

    Last modified on සිකුරාදා, 27 දෙසැම්බර් 2019 07:58

    Latest News