සැකකටයුතු 5ක් ජාඇලදී අත්අඩංගුවට

දෙසැ 26, 2019

    ජා-ඇල ප්‍රදේශයේ සිදුකළ විශේෂ පරික්ෂා කිරීමක දී සැකකටයුතු පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගෙන තිබේ.

    ඒ ජා-ඇලඑ, රත්නවාලි සිනමාහල ඉදිරිපිට සැක කටයුතු වෑන් රථයක් පරික්ෂා කිරීමෙන් පසුවයි. එම වෑන් රථය වැඩිදුරටත් පරික්ෂා කිරීමේදී එහි ගමන් කරමින් සිටි පුද්ගලයන්ගේ සැකකටයුතු හැසිරීම් සහ ඔවුන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරිම් වලදී එකිනෙකට පරස්පර විරෝධී අදහස් ඉදිරිපත් කිරීම හේතුවෙන් මෙම පුද්ගලයින් සැකපිට නාවික හමුදා බාරයට ගෙන තිබේ.

    සැකකරුවන් වයස අවුරුදු 28 ත් 30 ත් අතර වියෙහි පසුවන මට්ටක්කුලිය සහ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයින් බව හඳුනාගෙන තිබේ. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එම සැකකරුවන් සහ වෑන් රථය ජා-ඇල පොලීසිය වෙත භාරදිමට කටයුතු කෙරිණ.

    Last modified on බ්‍රහස්පතින්දා, 26 දෙසැම්බර් 2019 11:30

    Latest News