පෞද්ගලික බස්වලට ඝෝෂාකාරී සංගීතය තහනම්

දෙසැ 26, 2019

    ජනවාරි පළමුවැනිදා සිට පෞද්ගලික බස් රථවල ඝෝෂාකාරී සංගීතය තහනම් කෙරේ.

    ඒ වෙනුවට සුභාවිත ගීත හඳුන්වාදීමට කටයුතු කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවිර මහතා ජාතික ගමනාගමන කොමිෂමට දැනුම්දී තිබේ. දුර ගමන් සේවා මෙන්ම, අනෙකුත් මගී ප්‍රවාහන බස්රථවල ගමන් කරන මගීන්ට අධික ශබ්දයෙන් වාදනය කරන ගීත බරපතල හිරිහැරයක්ව පවතින බවයි, ජාතික ගමනාගමන කොමිසම පෙන්වා දෙන්නේ. ජාති භේදයකින් තොරව ලබාගත් 15,000ක නියදියකින් සිදු කළ අධ්‍යයනයකින් අනූව අධික ශබ්දයෙන් වාදනය කෙරෙන ගීත හිරිහැරයක් වූ බවට 100%ක් තහවුරුව තිබේ.

    මේ නිසා බස් රථවල මගීන්ට විවේදක බුද්ධියෙන් යුතුව රස විඳිය හැකි ගීත දහසකින් සමන්විත සුබාවිත ගීත සමුච්චියක් හඳුන්වාදීමට නියමිතයි. මීට අමතරව මගී ජනතාවට වැදගත් පණිවුඩ රැසක් සහිත වීඩියෝ පට හඳුන්වාදීමට ද පියවර ගෙන තිබේ. ඒ අනූව, මගී ප්‍රවාහන බස් රථවල සුබාවිත ගීත සංයුක්ත තැටි ලබාදීමේ වැඩසටහන ලබන 31 වැනි දින මාකුඹුර, බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 26 දෙසැම්බර් 2019 11:29

    Latest News