මත්ද්‍රව්‍ය වැටලීමට ගිය නිලධාරීන් අනතුරට ලක්කළ සැකකරුවන් සොයාගැනේ

සැප් 22, 2021

    වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙකු අනතුරට ලක්කර පළා ගිය සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අද (22) අත්අඩංගුවට ගෙන තිබේ.

    එම සිද්ධිය හා සම්බන්ධ මෝටර් රථය ද තලංගම ප්‍රදේශයේ දී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි. පළා යමින් සිටින ප්‍රධාන සැකකරු මේ වන විට හඳුනාගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    ප්‍රධාන සැකකරු නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක් බවත්, පෙර අපරාධවලට සම්බන්ධ සැකකරුවෙක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

    ඔහුගේ නිවස පොලිස් නිළධාරීන් විසින් පරීක්ෂාවට ලක්කර ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය. 

    Latest News