ජාඇල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්

පෙබ 03, 2020

    ජාඇල - මිනුවන්ගොඩ මාර්ගයේ ඒකල මොන්ටා හන්දිය ආසන්නයේ පාළු ඉඩමක දී ත්‍රීරෝද රථයකින් කුලී ගමනක් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ත්‍රීරෝද රථයේ රියදුරුට තියුණු ආයුධයකින් පහරදී ඔහු සන්තකයේ තිබූ රුපියල් 1000ක මුදලක් ද කොල්ලකා පළාගොස් තිබේ.

    මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී 7.00ත් 9.00ත් අතර කාලයේදීයි. බරපතල තත්වයේ පසු වූ තුවාලකරු ජාඇල පොලිස් ස්ථානයේ ජංගම සංචාර නිලධාරීන් විසින් ජාඇල රෝහලට ඇතුළත් කර ඇති තිබේ. වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

    67 හැවිරිදි ඔහු අඹගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අපරාධය සිදුකළ පුද්ගලයන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාඇල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on සදුදා, 03 පෙබරවාරි 2020 10:19

    Latest News