රිදියගම 'සෆාරි' බලන්න විශාල පිරිසක්

දෙසැ 26, 2019

    නත්තල් දින නිවාඩුවත් සමග අම්බලන්තොට රිදියගම සෆාරි උද්‍යානය නැරඹීම සඳහා විශාල ජනතාවක් පැමිණි බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක රිදියගම සෆාරි උද්‍යානයේ ස්ථානභාර නිලධාරී හේමන්ත සමරසේකර මහතා පවසයි.

    විශේෂයෙන්ම පසුගිය අගෝස්තු මස හැරුනුකොට මෙතරම් විශාල ජතාවක් පැමිණි අවස්ථාව මෙය බවද ඔහු පවසයි. මේ ආකාරයෙන් හාරදහසකට අධික ජනතාවක් නත්තල් දින පමණක් රිදියගම සෆාරි උද්‍යානය නැරඹීමට පැමිණ තිබේ.

    මේ වනවිට රිදියගම සෆාරි උද්‍යානය තුළ සිංහ කලාපය ,ශාක භක්ෂක කලාප, අලි කලාපය මෙන්ම  අලුතින් අරම්භකරන ලද බෙංගාල ව්‍යාග්‍ර කලාප යන කලාප හතර විවෘතව පවතියි.

    ඉදිරියේදී  කැංගරු කලාපය හා චීටා කලාපය විවෘත කිරීමට නියමිතව තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 26 දෙසැම්බර් 2019 11:30

    Latest News