අගමැති ගමන් කළ යානය බලන්ගොඩ ගොඩ බැස්සයි

දෙසැ 19, 2019

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගමන් කරමින් සිටි හෙලිකොප්ටර් යානය අයහපත් කාළගුණය සහ මිහිදුම හේතුවෙන් එම යානය අද (19) පෙරවරුවේ බලන්ගොඩ නගර සභා ක්‍රිඩාංගනයට හදිසි ගොඩ බැස්සවීමක් කර තිබේ.

    අග්‍රමාත්‍යවරයා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් මෙම හෙලිකොප්ටරයෙන් ගමන් කරමින් සිට ඇත්තේ බණ්ඩාරවෙල පැවැත්වෙන උත්සවයකට සහභාගිවිම සඳහයි.

    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බලන්ගොඩ ආසනයේ ප්‍රධාන සංවිධායක අකිල සාලිය එල්ලාවල මහතා ඇතුළු බලංගොඩ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් පැමිණ අග්‍රමාත්‍යවරයා පිළිගැනිම සිදුකර ඇත.


    පසුව මහින්ද රාජපක්ෂ මහතා සාමාන්‍ය පරිදි නිළරථයෙන් බණ්ඩාරවෙල උත්සවයට සහභාගිවිමට පිටව ගිය බව අප වාර්තාකරු පවසයි. මහින්ද රාජපක්ෂ මහතා පැමිණි බව සැළවු වහාම එතුමා දැක බලා ගැනිමට විශාල පිරිසක් පක්ෂ භේදයකින් තොරව බලන්ගොඩ නගර සභා ක්‍රිඩාංගනයට පැමිණ තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 දෙසැම්බර් 2019 18:32

    Latest News