නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක කිරීමට කාර්ය සාධක බලකායක්

දෙසැ 19, 2019

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය තුළ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට නියමිතයි.

    අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඉදිරිපත් කරන ලද එම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිය. අධ්‍යාපනය පිළිබඳ කාර්ය සාධක බලකායක් පිහිටුවීම අත්‍යවශ්‍ය බවට හඳුනාගෙන තිබේ. ඒ, රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා සැලසුම් සහගතව හා විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීමට තාක්‍ෂණික සහ ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ සැපයීම සඳහා. අදාළ යෝජනා, වැඩසටහන් හා ක්‍රමෝපායන් හඳුනා ගැනීම, ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහය ලබාදීම, මාර්ගෝපදේශකත්වය සැලසීම, නියාමනය හා ප්‍රතිෂෝෂණය ලබාදීම ඉන් අපේක්‍ෂිතයි.

    Latest News