විශ්ව විද්‍යාල වැටුප් විෂමතා විසදීමට අගමැති මහින්දගෙන් උපදෙස්

ජන 10, 2020

    විශ්ව විද්‍යාල පද්ධතියේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් කර විසදුම් ලබා දෙන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    අග‍්‍රාමාත්‍යවරයා මෙසේ සදහන් කලේ විශ්ව විද්‍යාල වෘත්තීය සමිති හා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා (09) අරලිය ගහ මන්දිරයේ පැවැති හමුවකදීය.

    මෙහිදී විශ්ව විද්‍යල අනධ්‍යයන හා අධ්‍යයන කාර්ය මණඩල වැටුප් විෂමතා සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර වැටුප් විෂමතා පිළිබද පූර්ණ අධ්‍යයනයක් කර විධිමත් ක‍්‍රමවේදයක් නිර්දේ කරන ලෙස අග‍්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දි තිබේ. එ අනුව කමිටුවක් පත්කර කමිටුව මගින් තීරණ ලබා ගැනීමටයි යෝජනවා ඇත.

    ඒ සදහා උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, කම්කරු අමාත්‍ය ගාමිණී ලොකුගේ, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, මුදල් අමාත්‍යංශ එස්.ආර්.ලේකම් ආටිගල මහතා. මහාචාර්ය සම්පත් අමරතුංග, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂමේ සභාපති සහ වෘත්තීය සමිති නියෝජිතයින් මේ අවස්ථාවට සහභාගි වූහ.

    Latest News