අගමැති නව වසරේ කතරගම ආගමික වතාවත්වලට (වීඩියෝ)

ජන 01, 2020
  • 2020 නව වසර උදාව සමරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (01) උදැසන ඓතිහාසික රුහුණු මහා කතරගම පුදබිම වෙත පැමිණ විශේෂ ආගමික වතාවත් රැසක නිරත වුයේය.

    මහින්ද රාජපක්ෂ මහතා ප්‍රථමයෙන් කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයට පැමිණ බුද්ධ පුජාමය පිංකමකට එක්විය.

    අනතුරුව අෂ්ඨ ඵළබෝධිය වැද පුදා ගෙන නිවන්ගත අග්‍රාමාත්‍යවරියක් වු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට පිං අනුමොදම් කර පැවැත් වු පිරිත් පිංකමට සහභාගි වුයේය. ඉන් පසු 2020 නව වසර උදාවීමෙන් අනතුරුව රුහුණු මහා කතරගම දේවාලය වෙත පැමිණ නව වසරේ ප්‍රථම පුජාව කතරගම දෙවියන් වෙත පුජා කර දේව ආශිර්වාදය ප්‍රාර්ථනා කරගනු ලැබීය.

    මෙහි දි ආගමික වතාවත් රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රි අභිනවාරාමාධිපති ශ්‍රාස්ත්‍රපති කපුගම සරණ තිස්සහිමි සහ කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති පුජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් විසින් සිදුකරනු ලැබිණ.

    මෙම අවස්ථාවට චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා යන අමාත්‍යවරුන් ද, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ඌව පළාත් හිටපු මහා ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ, රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්ෂ මහතා ඇතුලු දේශපාලඥයින් හා රාජ්‍ය නිළධාරින් හා ආරක්ෂක අංශ නිළධාරින් රැසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

    pmmahinda1 px 900 20 01 01

    Last modified on බදාදා, 01 ජනවාරි 2020 20:07

    Latest News