ලේක් හවුස් මාධ්‍යවේදියට පහරදුන් මංජුල අත්අඩංගුවට

දෙසැ 19, 2019

    හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන ඒම වාර්තා කිරිමට ගිය ලේක් හවුස් ජායාරූප ශිල්පී ගයාන් පුෂ්පික මහතාට මංජුල පෙරේරා  නැමැත්තකු විසින් පහර දී ඇත.

    මෙම සකකරු එක්සත් ජාතික පක්ෂ කැළණය සංවිධායක බෙවන් පෙරේරා මහතාගේ පුත්  මංජුල පෙරේරා වේ. එම පහරදීම අතරතුරදී අධීකරණ පොලීසියේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරින් විසින් සැකකරුව පහරදීම අතරතුරදීම අත්අඩංගුවට ගෙන තිබේ.

    පහර කෑමට ලක්වු ගයාන් පුෂ්පික හෟද සැත්කමකට ලක්වු පුද්ගලයකු වන අතර මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටි.

    පාඨලී චම්පික රණවක මහතා අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවට ඔහුගේ හිතවතුන් සහ ආධාර කරුවන් විශාල පිරිසක් උසාවි සංකීර්ණ ප්‍රදේශයට පැමිණ සිටියේය. 

    මාධ්‍යවේදි ගයාන් පුෂ්පික මෙම පහරදී සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලීසියට මිණිල්ලක් ඉදිරිපත් කර රෝහල ගත තිබේ.

     

    Latest News