දුගඳ හමන කොළඹ කොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය නඩත්තුවට අගමැති උපදෙස්

දෙසැ 18, 2019

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි නගර අලංකරණය හා නඩත්තු කටයුතු වේගවත් කර තිබේ. 

    නාගරික සංවර්ධන අධිකාරියේ අධීක්‍ෂණයෙන් වැඩසටහන ක්‍රියාත්මකයි.

    පසුගිය වසර හතර හමාරක කාලය තුළ කොළඹ කොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණයෙහි නඩත්තු කටයුතු නිසි පරිදි සිදු නොවීම නිසා වෙළෙඳසැල් රැසක් වසා දැමීමට සිදුවි තිබේ. එහි ජලය අපවිත්‍රවීම නිසා දැඩි දුර්ගන්ධයක් ද හමා ආවේය. වෙළෙඳ සැල් 103කින් සමන්විත මෙම වෙළෙඳ සංකීර්ණය සඳහා වැය කෙරුණු මුදල, රුපියල් මිලියන 312ක්. යුද හා නාවික හමුදා එහි ඉදිකිරීම් බාරව ක්‍රියා කළේය.

    මෙම ස්ථානය කොළඹ නගරයට පැමිණෙන ජනතාවගේ මෙන්ම දෙස්-විදෙස් ජනතාවගේ දැඩි ආකර්ෂනයට ලක්ව තිබේ. මේ වනවිට එහි ආරක්‍ෂාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව යෙදවීමට ද තීරණය කර ඇති අතර, ජනතාවට විවේකී සුවය මෙන්ම නගර අලංකරණයට දායකත්වය සැපයෙන මෙම පාවෙන වෙළෙඳ සංකීර්ණය ආකර්ශනීය ස්ථානයක් බවට පත් කිරීමට යළි පියවර ගන්නා බව නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය පවසයි.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 19 දෙසැම්බර් 2019 08:12

    Latest News