පවුසිගෙන් මෛත්‍රීට එරෙහිව මුලික අයිතිවාසිකම් පෙත්සමක්

දෙසැ 19, 2019

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධූරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය ගත් තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.එච්.එම්.ෆවුසි මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

    පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පකෂයේ සභාපතිවරයා වන හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනෙ, එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, එම පක්ෂ විනය කමිටුව, මැතිවරණ කොමිසමේ සභාපති හා සාමාජිකයින් ඇතුළු 14 දෙනෙකු නම් කර ඇත.  එක්සත් ජාතික පක්ෂයට සහාය පළ කළ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුව මගින් තම මන්ත්‍රීධූරය අහෝසි කිරීමට කටයුතු කර ඇති බව තමන් මාධ්‍යවලින් හරහා දැනුවත් වූ බව ෆවුසි මහතා කියා සිටි.

    මේ පිළිබඳව තමන්ට පක්ෂයෙන් වෙන දැනුම්දීමක් නොකෙරුණු බවත් කිසිදු විනය පරික්ෂණයක් නොපවත්වා පක්ෂයෙන් නෙරපීමට ගත් තීරණය නීති විරෝධී බවට තීන්දු කර එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ෆවුසි මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    Latest News